spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලෙවි කිරීමට ගෙනා ගංජා කිලෝ 04ක් සමඟ සැකකරුවෙකු අල්ලයි

ඊයේ (30) මැදවච්චිය බස් නැවතුම්පොළේදී රුපියල් ලක්ෂ 12 මිලකට අලෙවි කිරීමට ගෙනා ගංජා කිලෝ 04 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.

දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුන බුද්ධි තොරතුරකට අනුව වැටලීම කර අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම,දුම්රියපොල,සවුත්පාරේ අයෙක් වන අතර ඔහු වයස අවුරුදු 56 ක පුද්ගලයෙක්.

සැකකරු අදාළ ගංජා තොගය ද සමඟ මන්නාරම සිට නුවර බලා යන බස් රථයක නැගී මැදවච්චියේ නගරයට පැමිණෙන බවට මුලින්ම තොරතුරු ලැබුණු බව පොලිසිය පවසනවා.

ඒ අනුව බස් රථය පැමිණෙන තුරු බලා සිටි පොලිසිය සැකකරු බස් රථයෙන් බසින විටදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් තමන්ට මෙම ගංජා තොගය ලබා දී මැදවච්චිය නගරයට යන ලෙසට පැවසූ බවත් එහිදී වෙනත් අයකු පැමිණ ගංජා තොගය රැගෙන යනු ඇති බවත් තමන්ට පැවැසූ බව කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පැවසූ බව පොලිසිය ප්‍රකාශ කල අතර ඒ හැර කිසිවක් තමන් නොදන්නා බවට සැකකරු පැවසූ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසුවා

මැදවච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?