AFC Banner
AFC Banner
Empty Ad

අලුත උපන් කිරි කැටියා පොහොර උරයක බහා වැව් පිටියක දමා ගිහින්

අලුත උපන් බිළිඳෙකු පඬුවස්නුවර, උගුරැස්සගම ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටිය දී අද (25) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ගවයින් බැදීමට ගිය කාන්තාවකට මෙම බිළිඳා හමුව ඇති අතර ඇය සිදුකළ දැනුම්දීමකින් පසු පොලිසිය මැදිහත්ව බිළිඳා නිකවැරටිය මූලික රෝහලට යවා ඇති බවයි වාර්තා වන්නේ.

කැලෑ බද ප්‍රදේශයෙන් දරුවකු හඬන ශබ්දයක් ඇසීමත් සමඟ සිදුකළ සොයාබැලීමේදී පොහොර උරයක දමා සිටියදීයි මෙම බිළිඳා හමුව ඇත්තේ.

බිළිඳා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?