අලුත් නීතිය නිසා ටිකට් ගත්තු සංචාරකයින් ස්ටේෂමේ දමා ඕඩිසි දුම්රියට බදුලු යන්න සිදුවෙලා

මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් හරහා සංචාරයට එක්වන සංචාරකයින්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශ පත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

මහනුවර සිට නානුඔය දක්වා (11) දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රුපියල් 6,000 සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර ලබාගත් විදේශිකයින් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් විසින් දුම්රිය මැදිරිවලට ඇතුළුකර නොගැනීම හේතුවෙන් එම විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

ඇතැම් සංචාරක සමාගම්, මඟ පෙන්වන්නන් සහ ඇතුම් තැරැව්කරුවන් විසින් ශ්‍රී ලාංකික හැඳුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඕඩිසි දුම්රියෙන් ගමන් කිරීමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදීගෙන වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නැවත්වීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය ජූලි මස 30 වන දින චක්‍රලේඛයක් සහ උපදෙස් මාලාවක් නිකුත්කර තිබුණා.

එම උපදෙස් මාලාවට පෙර ලබාගෙන ඇති විදේශීය සංචාරකයින්ගේ ප්‍රවේශපත්‍රය සහ විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය දුම්රිය නියාමකවරු විසින් පරීක්ෂා කිරීම හමුවේ මෙම ගැටළුව මතු වී ඇති බවයි සංචාරක මඟ පෙන්වන්නන් සඳහන් කළේ.

මෙලෙස ඕඩිසි දුම්රියෙන් ගමන් කිරීමට නොහැකි වූ විදේශීය සංචාරකයින් නානුඔය දුම්රිය ස්ථානයෙන් රුපියල් 300ක මුදලකට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දක්වා දක්වා ගමන් කිරීමට කටයුතු කර තිබුණා.

ඕඩිසි දුම්රියේ නියාමකවරුන් විසින් ඇතැම් සංචාරකයින් එම දුම්රියට මැදිරිවලට ඇතුළත් කර නොගැනීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වූ එම දුම්රියේ මැදිරිවල ආසන හිස්ව තිබෙන අයුරු දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
49
+1
13
+1
21
+1
7
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29