අලුත් කැබිනට් අමාත්‍යවරුන් 12ක් – ආණ්ඩුකාර තනතුරු 06ක් වෙනස් කිරීමටත් යෝජනා

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සහ පළාත් 06ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනවාරි මස අවසන් වීමට පෙර සිදුකිරීමට රජය සැලසුම්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මූලික එකඟත්වය ඇතිව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කිරීමට මේ වනවිටත් යෝජනා වී ඇති බව සඳහන්.

එම අමාත්‍ය ධුරවලින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට පිරිනැමීමට තීරණය වී තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට සහ සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරයකුටත් අමාත්‍ය ධුර ලබාදීමට මේ වනවිට එතකඟත්වය පළ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

එහිදී ක්‍රීඩා, මහාමාර්ග, ප්‍රවාහන, වනජීවී, සෞඛ්‍ය, වරාය, කර්මාන්ත, විදුලිබල, පරිසර යන අමාත්‍යාංශ වෙනස්වීමට ඇති අමාත්‍යාංශය බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නව ආණ්ඩුකාරවරුන් 06 දෙනෙකු පත් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම, බස්නාහිර, සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව වයඹ සහ නැගෙනහිරට ආණ්ඩුකාර ධුර ලබාදීමටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32
Video thumbnail
රුවන් මාපලගමගේ කළ ප්‍රබල හෙළිදරව්ව - 3500ට ගන්න තියෙන පොත් විශ්වවිද්‍යාලයට රු.12500..අරන්
02:35
Video thumbnail
පාතාල කෙරුමෙක් වූ බැකෝ සමන්ගේ මව අවසන් ගමන් යවන්න ආ යතුරුපැදිය ගොඩගත් මෙහෙයුම..
01:15
Video thumbnail
නීතිඥයින් ඉදිරියේ ජනපති කළ දැඩි ප්‍රකාශය - මම යන්න ලෑස්ති මිනිහෙක්..අවදානම ගන්න සූදානම් මම
03:49
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43