spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අලුත් කැබිනට් අමාත්‍යවරුන් 12ක් – ආණ්ඩුකාර තනතුරු 06ක් වෙනස් කිරීමටත් යෝජනා

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සහ පළාත් 06ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනවාරි මස අවසන් වීමට පෙර සිදුකිරීමට රජය සැලසුම්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මූලික එකඟත්වය ඇතිව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කිරීමට මේ වනවිටත් යෝජනා වී ඇති බව සඳහන්.

එම අමාත්‍ය ධුරවලින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට පිරිනැමීමට තීරණය වී තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට සහ සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරයකුටත් අමාත්‍ය ධුර ලබාදීමට මේ වනවිට එතකඟත්වය පළ වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

එහිදී ක්‍රීඩා, මහාමාර්ග, ප්‍රවාහන, වනජීවී, සෞඛ්‍ය, වරාය, කර්මාන්ත, විදුලිබල, පරිසර යන අමාත්‍යාංශ වෙනස්වීමට ඇති අමාත්‍යාංශය බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නව ආණ්ඩුකාරවරුන් 06 දෙනෙකු පත් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම, බස්නාහිර, සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාරවරුන් නම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම පොදුජන පෙරමුණට දකුණ, සබරගමුව වයඹ සහ නැගෙනහිරට ආණ්ඩුකාර ධුර ලබාදීමටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?