අලුත් අවුරුදු මේසයට හෙනහුරා ලබයි – කැවිලි මිල ගණන් අහස උසට යයි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද ආසන්නයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙන්ම රසකැවිලිවල මිල ගණන්ද ඉහළ යාම හේතුවෙන් මේ වනවිට පාරිභෝගිකයින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

රසකැවිලි සකස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුලු අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි.

පොල්තෙල් බෝතලයක් රුපියල් 700ත් 800ත් අතර මිලකටත්, මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා. එමෙන්ම වෙළඳපොලේ අලෙවි කෙරෙන නිෂ්පාදිත රස කැවිලිවල මිල ගණන්ද මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කොණ්ඩ කැවුම්, අතිරස සහ මුං කැවුමක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙර වර්ෂවල කැවුමක මිල පැවතියේ රුපියල් 40ක මිලකට යි.

කැවුම්වල මිල මෙන්ම කොකිසක මිලද රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම පැණි වළල්ලක මිල ද රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මීට පෙර පැණි වළල්ලක් වෙළඳපොලේ අලෙවි වූයේ රුපියල් 35ත් 40ත් අතර මිලකට යි.

ආස්මි මිල ගණන්ද රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර එය පැවතියේ රුපියල් 90 ක මිලකට යි.

අලුවා කෑල්ලක මිලද රුපියල් 35 සිට 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි රසකැවිලි අලෙවිකරුවන් සඳහන් කළේ.

කැවිලි පෙවිලි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවයි රසකැවිලි නිෂ්පාදකයින් සහ අලෙවි කරන්නන් සඳහන් කළේ.

බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා අනාවරණ, කළේ කේක් කිලෝග්‍රෑමයක මිල අද වනවිට රුපියල් දහස ඉක්මවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19