AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුද්ද වෙනුවෙන් ලැබෙන සහන මල්ල

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙ‍න් දිවයින පුරා සතොස ශාඛා මගින් අලුත් අවුරුදු සහන මල්ලක් අද සිට ලබාදීමට තීරණය කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍යංශය විසින් ලබාදීමට තීරණය කර ඇති අදාළ සහන මල්ලට අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත්.

නාඩු සහල් කිලෝග්‍රෑම් 05ක්, සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක්, කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක්, තේ කොළ ග්‍රෑම් 100ක් එම සහන මල්ලට අයත් වන අතර එය රුපියල් 1,950ක මිලට අලෙවි කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

වෙළෙඳ අමාත්‍යංශය පැවසුවේ එමගින් රුපියල් 700ක සහනයක් පාරි‍භෝගිකයාට හිමිවන බවයි.

මේ අතර අවුරුදු සහන මල්ල ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සතොස අලෙවි ශාඛා අසල අද පෙරවරුවේ දිගු පෝලිම් පැවති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?