අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5000 දීමනාව

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්  වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?