Empty Ad
Empty Ad
AFC Banner

අලුත් අවුරුද්දේ පළමු නැකැත අද

මෙවර අලුත් අවුරුද්දේ පළමු නැකැත් චාරිත්‍ර දෙක වන අභිනව චන්ද්‍ර වර්ෂය සදහා නව සද බැලීම හා පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රයන් අදට යෙදී තිබෙනවා

පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර අලුත් අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග 09.05 ටයි.

පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වන ඉරිදා අලුයම 03.29 වන තෙක් යෙදී තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා අපරභාග 02.41 වන විට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදිය යුතු බව නැකත් සීට්ටුවේ සඳහන්.

නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06ට යෙදී තිබෙනවා.

වැඩ ඇල්ලීම, ගනුදෙනුකිරීම, ආහාර අනුභව කිරීමේ නැකත අප්‍රේල් මස 13 වන සෙනසුරාදා ම්ධ්‍යම රාත්‍රී 12.06ට යෙදී තිබෙනවා.

මෙවර හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වන සදුදා දිනට යෙදී ඇති අතර එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරුණා.

රැකී රක්ෂා අදහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන දින පූර්වභාග 06.52ට යෙදී ඇතැයි නැකැත් සීට්ටුවේ සඳහන්.අලුත් අවුරුද්දේ පළමු නැකැත අද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?