අලුත් අවුරුද්දේ දුර ගමන් යන්න ඉන්න අයට රතු එළියක්

නව වසරේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඔවුන් මීට හේතු ලෙස පෙන්වා දෙන්නේ සෑම වර්ෂයකම අප්‍රේල් මුල් සතියේ දී සිදු කෙරෙන මාර්තු මස ගෙවීම් මෙවර සිදු වී නොමැති බවයි.

සාමාන්‍යයෙන් ප්‍රවාහන ටැංකි රථ හිමියන් වෙත මාර්තු මාසයේ ගෙවීම් අප්‍රේල් මස හත් වැනි දින හෝ 8 වැනි දිනට පෙර ගෙවීමට මීට පෙර පැවැති පරිපාලනය කටයුතු කර තිබුණා.

නමුත් මෙවර මේ දක්වා එම ගෙවීම් කටයුතු සිදු නොකර නොකිරීම හේතුවෙන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් සේවකයින්ට වැටුප් ගෙවීම සහ උත්සව පාරිතෝෂික ගෙවීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඇතැම් විට සේවකයින් සේවයට වාර්තා කිරීම අඩු වීමෙන් නව අවුරුදු සමයේ තෙල් හිගයක් ඇති වීමේ අවදානමක් මතු විය හැකි බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?