අලියෙකුගේ පහරදීමෙන් ඇත්ගොව්වෙක් ජීවිතක්ෂයට

පින්නවල අලි අනාථාගාරයේ අලියෙකුගේ පහරදීමෙන් ඇත් ගොව්වෙකු අද (08) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැමුණු කණ්ඩුල නැමති අලියා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරකෑමෙන් ජීවිතක්ෂයට පටත්ව ඇත්තේ කඩුවෙල – නවගමුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අලියාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇත ගොව්වා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

මේ අතර උඩවලව ඇත් අතුරු සෙවණේ වනඅලි රැඳවුම් මධ්‍යස්ථානයේදී හීලෑ අලියෙකු සිදුකළ පහරදීමකින් ඊයේ (07) දිනයේ දී ද එහි සේවකයෙකු මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?