අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේ දීයි.
බස් රථ කිහිපයක අයිතිය පැවරීමට මෙම අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට අමතරව අත්අඩංගුවට ගැනුණු අනෙක් දෙදෙනා ලිපිකරුවෙක් සහ තැරැව්කරුවෙක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
+1
+1
+1
3















