අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්

පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අල්ලස් ලබාගත් විදුහල්පතිවරයා ඊයේ (28) පානදුර අතිරේක මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන තිබේ.

අදාළ විදුහල්පතිවරයා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී ඊයේ සවස අත්අඩංගුවට ගැනුණි.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුලත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් සැකකාර විදුහල්පතිවරයා විසින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පසුව එය රුපියල් 150,000ක් දක්වා අඩුකර එය ලබාගැනීමට යෑමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

විදුහල්පතිවරයා අල්ලස් ඉල්ලූ බවට දරුවාගේ පියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරතිබූ පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර ඇත.

අදාළ විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේදීය.

විදුහල්පතිවරයා අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිනියක් දරුවාගේ මව ලෙස පෙනීසිටිමින් සැකකරු අල්ලා ගැනීමට සමත්වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21