අලව්වේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අලව්ව, මොරවලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් ඉලක්ක කර ඊයේ (17) රාත්‍රි 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 27ක කවිදු සත්සර නැමැති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඒ සඳහා කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?