අර්චුනාගෙන් පහර කෑ අයෙක්ට සැත්කමක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුට සැත්කමක් සිදු කිරීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට අදාළ රෝගී පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තා වන්නේ.

යාපනය ආපාණ ශාලාවක් තුළ දී අර්ජුනා මහතා විසින් ඊයේ (11) රාත්‍රියේ දී මෙම පහරදීම සිදු කර ඇති බවයි.

වීඩියෝ කිරීමක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම සිදු ව ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?