අරගලකරුවන්ට රනිල් හරිනම් උදේ හවස පහන් පත්තු කරලා වඳින්න ඕනි

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ තරුණ තරුණියන් කළ කැප කිරීම නිසා බවත්, හරිනම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගලකරුවන්ට ඔහු වැඳිය යුතු යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහෙම පත්වූ ජනාධිපති අද අරගලය මර්දනය කිරීමට හමුදාව පොලිසිය යෙදවීම ගැන කතා කිරීම කනගාටුදායක බවද විජිත හේරත් මහතා කීය.