AFC Banner
Empty Ad
Empty Ad

අයි.සී.සීය එක් එක් කණ්ඩායම්වලට බෙදන්නේ එක එක හැඳිවලින් – ක්‍රීඩා ඇමති (වීඩියෝ)

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුහුණදීමට සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (07) දිනයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක් එක් රටවල්වලට එක් එක් ආකාරයෙන් සැලකීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ ක්‍රීඩාංගණ අතර වැඩියෙන්ම සංචාරය කිරීමට සිදුව තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැන පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?