විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනයේ දී ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිපත්ති පිළිබදව ශ්‍රි ලංකා බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පවසනවා.
එම නියෝජිත පිරිස මෙම අදහස් පළ කළේ අද (27) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.
මේ අතර මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වූව ද ඇතැම් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
විශේෂයෙන් බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සම්බන්ධයෙන් අයි.එම්.එෆ් නියෝජිත පිරිස විවිධ කාරණා පෙන්වා දී තිබුණා.
මේ අතර සිදුකළ පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට කාලය අවශ්‍ය බව සඳහන් කළ එම නියෝජිත පිරිස, මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වනු ඇති බවට අනුමාන කරන බවත් සඳහන් කළා.














ME PARA HATHIKARAYA APE EPF EKATA KELALA, POLIYA ADU KARALA EKEN GANIPU NAYA KAPALA LOKU MEDA BUSINESS KARAYINGEN AYA WENNA ONA BILLION GANAN BADHU AYA KARA NOGENA KAPA HERALA KARANA PAHARA JADA WADEYI NIDAHASIN PASSE ME DAKWA NAWATHWA GANNA BERI UNA. DAN IMF MEKA NODEEMA INNA ONA MUN ARUNGENUTH HINGA BADHU AYA KARA GANNA KAM. JADA HATHTHA UNGEN PAGAWA ARAGENA FILE WAHALA DANAWA.. WURTHIKAYINTA BADHU FILE ERIYA NISA THAMAYI RATA DALA YANNE. UN MAHAJANA MUDHALIN IGENA GATHTHATH MAHAJANAYATA SEWAYA KARANA NISA AYE ASADHARANA BADHU GANNA ONA NAHANE. EYALA KIYUWE BADHU GEWANNAM SADARANA GANAK KIYALA. MUN LOKU EWUN LISSALA ERALA PODI EWUNGE BELLEN ALLAGANNE.