අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 23ක් වන ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.