අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සන්තකයේ තබාගෙන සිටි රජයේ පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලිසිය පවසනවා.
ඊයේ (22) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයෙක්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 04ක්, ගංජා ග්‍රෑම් 03ක් සහ විවිධ වර්ගයේ මත්පෙති 58ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
සැකකාර ගුරුවරයා නාගොල්ලාගම ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සේවය කරන්නෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මොහු මෙම මත්ද්‍රව්‍ය සිසුන් ඉලක්ක කර අලෙවි කරන්නේ ද යන්න හෙළිකර ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.