AFC Banner
Empty Ad
Empty Ad

අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

භූමිකම්පා මාලාවකින් පසු ගිනි කඳු සක්‍රිය වීමේ අවදානමක් හේතුවෙන් අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නිරිතදිග ග්‍රින්ඩාවික් නගරයේ වෙසෙන දහස් ගණනකට පූර්වාරක්ෂක පියවරක් වශයෙන් ඉවත් වන ලෙසටයි බලධාරීන් නියෝග කර ඇත්තේ.

අයිස්ලන්ත කාලගුණ කාර්යාලය (IMO) පවසන්නේ ලාවා විශාල ප්‍රමාණයක් භූගතව පැතිරී ඇති අතර ඒවා මතුපිටට පැමිණිය හැකි බවයි.

ආසන්නයේ ඇති Fagradalsfjall ගිනිකන්ද අවට භූ කම්පන දහස් ගණනක් මෑත සතිවල වාර්තා වී තිබෙනවා.

මෙම ගිනි කඳු ස්ථාපිත වී ඇත්තේ 2021 වසරේ වාර්තා වූ පිපිරීමට පෙර වසර 800ක් ගිනිකඳු නිද්‍රාශීලීව පැවති අයිස්ලන්තයේ රෙයික්ජන්ස් අර්ධද්වීපයේයි.

බ්‍රහස්පතින්දා, ප්‍රදේශයේ වාර්තා වූ භූ කම්පන ක්‍රියාකාරකම් හේතුවෙන් අසල පිහිටි නිල් කලපු සන්ධිස්ථානය වසා දැමුණා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔක්තෝබර් අග සිට නිරිතදිග අයිස්ලන්තයේ භූ කම්පන 20,000කට වඩා වාර්තා වී ඇති බවයි.

අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ IMO විසින් දැනට නිර්මාණය වෙමින් පවතින ලාවා උමගක් Grindavik වෙත ළඟා විය හැකි බවට සිදු කළ බැහැර කළ නොහැකි අනතුරු ඇඟවීමෙන් පසු ජනතාව ඉවත් කිරීමට තීරණය කළ බවයි.

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඒජන්සිය අවධාරණය කළේ ජනතාව නගරයෙන් පිටවිය යුතු අතර මෙය හදිසි ඉවත් කිරීමක් නොවන බවයි.

ක්ෂණික අනතුරක් ආසන්නයේ නොමැති අතර සියලුම ග්‍රින්ඩාවික් වැසියන්ගේ ආරක්ෂාව ප්‍රධාන අරමුණ ලෙස සලකා ඉවත් කිරීම සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

4,000ක පමණ ජනතාවක් සිටින නගරයේ හදිසි අවස්ථා සඳහා හැර අනෙකුත් සියලුම කටයුතු වෙනුවෙන් මාර්ග වසා දමා තිබෙනවා.

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් IMO පැවසුවේ භූ කම්පන ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වෙනස්කම් සිදුවී ඇති අතර දවස පුරා කම්පන ග්‍රින්ඩාවික් දෙසට ගමන් කරන බවයි.

ලාවා නගරයට යටින් ව්‍යාප්ත වී ඇති බවත්, එය මතුවිය හැක්කේ කොතැනින් ද යන්න නිවැරදිව නිශ්චය කළ නොහැකි බවත් එහි වැඩිදුරටත් සඳහන්.

අයිස්ලන්තය යනු සක්‍රීය ගිනිකඳු ස්ථාන 30ක් පමණ ඇති ලොව වඩාත් භූගෝලීය වශයෙන් ක්‍රියාකාරී කලාපයක්.

ගිනිකඳු පිපිරීම් ඇති වන්නේ එය වටා ඇති ඝන පාෂාණයට වඩා සැහැල්ලු ලාවා පෘථිවි පෘෂ්ඨයට නැඟී එන විටයි.

ජූලි මාසයේදී, Litli-Hrutur නොහොත් Little Ram, Fagradalsfjall ප්‍රදේශයේදී පුපුරා ගිය අතර, ලෝකයේ අලුත්ම ගිනි කන්ද ඇති ස්ථානයට සංචාරකයින් ද ආකර්ෂණය වුණා.

2021, 2022 සහ 2023 දී පුපුරා යන තෙක් මෙම අඩවිය සියවස් අටක් අක්‍රියව පැවතුණු බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?