අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

භූමිකම්පා මාලාවකින් පසු ගිනි කඳු සක්‍රිය වීමේ අවදානමක් හේතුවෙන් අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නිරිතදිග ග්‍රින්ඩාවික් නගරයේ වෙසෙන දහස් ගණනකට පූර්වාරක්ෂක පියවරක් වශයෙන් ඉවත් වන ලෙසටයි බලධාරීන් නියෝග කර ඇත්තේ.

අයිස්ලන්ත කාලගුණ කාර්යාලය (IMO) පවසන්නේ ලාවා විශාල ප්‍රමාණයක් භූගතව පැතිරී ඇති අතර ඒවා මතුපිටට පැමිණිය හැකි බවයි.

ආසන්නයේ ඇති Fagradalsfjall ගිනිකන්ද අවට භූ කම්පන දහස් ගණනක් මෑත සතිවල වාර්තා වී තිබෙනවා.

මෙම ගිනි කඳු ස්ථාපිත වී ඇත්තේ 2021 වසරේ වාර්තා වූ පිපිරීමට පෙර වසර 800ක් ගිනිකඳු නිද්‍රාශීලීව පැවති අයිස්ලන්තයේ රෙයික්ජන්ස් අර්ධද්වීපයේයි.

බ්‍රහස්පතින්දා, ප්‍රදේශයේ වාර්තා වූ භූ කම්පන ක්‍රියාකාරකම් හේතුවෙන් අසල පිහිටි නිල් කලපු සන්ධිස්ථානය වසා දැමුණා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔක්තෝබර් අග සිට නිරිතදිග අයිස්ලන්තයේ භූ කම්පන 20,000කට වඩා වාර්තා වී ඇති බවයි.

අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ IMO විසින් දැනට නිර්මාණය වෙමින් පවතින ලාවා උමගක් Grindavik වෙත ළඟා විය හැකි බවට සිදු කළ බැහැර කළ නොහැකි අනතුරු ඇඟවීමෙන් පසු ජනතාව ඉවත් කිරීමට තීරණය කළ බවයි.

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ඒජන්සිය අවධාරණය කළේ ජනතාව නගරයෙන් පිටවිය යුතු අතර මෙය හදිසි ඉවත් කිරීමක් නොවන බවයි.

ක්ෂණික අනතුරක් ආසන්නයේ නොමැති අතර සියලුම ග්‍රින්ඩාවික් වැසියන්ගේ ආරක්ෂාව ප්‍රධාන අරමුණ ලෙස සලකා ඉවත් කිරීම සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

4,000ක පමණ ජනතාවක් සිටින නගරයේ හදිසි අවස්ථා සඳහා හැර අනෙකුත් සියලුම කටයුතු වෙනුවෙන් මාර්ග වසා දමා තිබෙනවා.

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් IMO පැවසුවේ භූ කම්පන ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වෙනස්කම් සිදුවී ඇති අතර දවස පුරා කම්පන ග්‍රින්ඩාවික් දෙසට ගමන් කරන බවයි.

ලාවා නගරයට යටින් ව්‍යාප්ත වී ඇති බවත්, එය මතුවිය හැක්කේ කොතැනින් ද යන්න නිවැරදිව නිශ්චය කළ නොහැකි බවත් එහි වැඩිදුරටත් සඳහන්.

අයිස්ලන්තය යනු සක්‍රීය ගිනිකඳු ස්ථාන 30ක් පමණ ඇති ලොව වඩාත් භූගෝලීය වශයෙන් ක්‍රියාකාරී කලාපයක්.

ගිනිකඳු පිපිරීම් ඇති වන්නේ එය වටා ඇති ඝන පාෂාණයට වඩා සැහැල්ලු ලාවා පෘථිවි පෘෂ්ඨයට නැඟී එන විටයි.

ජූලි මාසයේදී, Litli-Hrutur නොහොත් Little Ram, Fagradalsfjall ප්‍රදේශයේදී පුපුරා ගිය අතර, ලෝකයේ අලුත්ම ගිනි කන්ද ඇති ස්ථානයට සංචාරකයින් ද ආකර්ෂණය වුණා.

2021, 2022 සහ 2023 දී පුපුරා යන තෙක් මෙම අඩවිය සියවස් අටක් අක්‍රියව පැවතුණු බවයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56