අයිඩී අංකය ඔත්තේ වී 18 දා එළියට ආ සිවාජිලිංගම් පොලීසියෙන් පන්නා දමයි

උතුරු පලාත් හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් යාපනයේ යුදසැමරුමක් සඳහා ඊයේ (18) සවස ගමන්කරමින් සිටියදී සංචරණ නීති කඩකිරීම හේතුවෙන් පොලීසිය විසින් අවවාද කොට ආපසු හරවා යැවීමට පියවර ගෙන ඇත.

යාපනය වීරසිංහම් ශාලාව අසලදී සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වාහනයකින් ගමන්කරමින් සිටියදී පොලීසිය විසින් නවතා නිරෝධායන නීතියට අනුව ජාතික හැඳුනුම්පත් අංකය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇත.

එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් මුලතිව් සිට නඩුවකට පෙනී සිට පැමිණෙන බවටත් සවස තම කාර්යාලය ඉදිරියේදී යුදසැමරුමකට සහභාගී වීමට නියමිත බවටත්ය.

නිරෝධායන නීතියට අනුව ඊයේ (18) දින නිවසෙන් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක්නම් පමණක් වුවුද හිටපු මන්ත්‍රීවරයාගේ හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ බැවින් අදාල නිරෝධායන නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවට මන්ත්‍රීවරයාට දැනුම් දී අවවාද කොට ආපසු හරවා යැවීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?