AFC Banner
AFC Banner
Empty Ad

අයහපත් කාලගුණය මෙරටට ආ ගුවන් යානා තුනක් ම හරවා යවයි – එකක් මත්තලට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මගී ප්‍රවාහන ගුවන් යානා ත්‍රිත්වයක් ආපසු හරවා යවා තිබෙනවා.

අද (26) පස්වරුවේ මෙම ගුවන් යානා ත්‍රිත්ත්වය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් ගුවන් යානා දෙකක් ම ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

මෙලෙස ඉන්දියාවට හරවා යැවූ ගුවන් යානා ද්විත්වය වන්නේ තෝකියෝවේ සිට පැමිණි UL 455 යානය සහ මාලේ සිට පැමිණි EK 652 යානය යි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තෙවැනි ගුවන් යානය හම්බන්තොට – මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇත්තේ කටුනායක ගුවන් පර්‍යන්තයට ගොඩබැස්වීම අවදානම්සහගත නිසාවෙන්.

මෙලෙස හරවා යවා ඇත්තේ UL121 දරණ මාලේ සිට පැමිණි ගුවන් යානාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?