අයර්ලන්ත ක්‍රීඩිකාවකට පන්දු යැවීම තහනම් වෙයි

අයර්ලන්තයේ වමත් දඟ පන්දු යවන්නියක් වන අයිමි මැගුයර් (Aimee Maguire) හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම තහනම් කර තිබෙනවා.

ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවත් එය ICC රෙගුලාසි යටතේ අවසර දී ඇති අංශක 15 ක නැවීමේ මට්ටම ඉක්මවා ඇති යාම මීට හේතුව බවයි සැලකෙන්නේ.

ජනවාරි 10 වන දින ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් පසුව තරග නිලධාරීන් විසින් වමත් දඟ පන්දු යවන්නාගේ පන්දු යැවීමේ විලාසය සැක සහිත බවටයි පැමිණිලි කර ඇත්තේ.

රාජ්කොට් හි ඉන්දියාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේ දී 18 හැවිරිදි මැගුයර් පන්දුවාර 08ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 57කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

පසුව ජනවාරි 21 වන දින ලෆ්බරෝ හි ICC පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ඇයගේ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂාවට ලක් කරන ලද අතර, එහිදී ඇයගේ පන්දු යැවීමේ ඉරියව්වේ වැලමිට දිගු කිරීමේ ප්‍රමාණය ICC රෙගුලාසි යටතේ අවසර දී ඇති අංශක 15 ක ඉවසීමේ මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි හෙළි වූයේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, රෙගුලාසිවල 6.1 වගන්තියට අනුව, වහාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම
අයිමිගේ අත්හිටුවා තිබෙනවා.

නීතිමය ක්‍රියාමාර්ගයක් සමඟ ඇයට පන්දු යැවිය හැකි බව තහවුරු කරන තෙක් ඇයට යළි පන්දු යැවීමට අවස්ථාව හිමිවන්නේ නැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34