අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ රවුෆ් හකීම් එක්වෙයි

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම් සහභාගී වී තිබෙනවා.

ඇමරිකානු- ඊශ්‍රයල ප්‍රහාරවලින් ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ටෙහෙරානයේ මේ වනවිට තැන්පත් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කමේනිගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සිදු කිරීමට පෙර සතියක කාලයක් අවමංගල්‍ය උත්සව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය නියෝජිතයින් රැසක් මේ වනවිටට්ය්හ් එක්ව සිටිනවා.

පාකිස්ථානය, රුසියාව, ඊජිප්තුව, පලස්තීනය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, තුර්කිය, බංග්ලාදේශය, ඕමාන් වැනි රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් අලි කමේනිගේ දේහයට අවසන් ගෞරව දක්වා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර සිය පියාගේ අවමංගල්‍ය උත්සවයට, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සහභාගී නොවන බවට තොරතුරු වාර්තා වනවා.

ආරක්ෂක හේතූන් මත ඉරානයේ නව උත්තරීතර නායකයා මෙලෙස එම අවමංගල්‍ය උත්සවයට එක නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මොජ්තාබා “මරණයට සුදුසු” බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් කළ ප්‍රකාශයකින් පසුව, මොජ්තාබා කමේනිගේ අවදානම් සහ ඊශ්‍රායල තර්ජන ඉහළ ගොස් ඇති බවයි ඉරාන බලධාරීන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21