අයගම සසල කළ කාන්තා ඝාතනය

අයගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහර දී කාන්තාවක් ඊයේ (29) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අයගම, වත්තඉන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තනූජා හිමාලි අත්තනායක නැමැති 45 හැවිරිදි තැනැත්තියක්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි අයගම පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක් වූ කාන්තාව සහ සැකකරු 2016 වර්ෂයේ සිට එකම නිවසක නීතියානුකූලව විවාහ නොවී ජීවත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් දෙදෙනා මීට පර විවාහ වී සිටි අය බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය කාලයේ දෙදෙනා අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව ඇති අතර, ඒ හේතුවෙන් අදාල කාන්තාව ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඇය යළි එම ප්‍රදේශයට පැමිණ අවස්ථාවේ දී සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27