අඹු සැමි යුවල පොලිසියට භාරවෙලා

අද (30) අලුයම සීගිරිය පව්ව ආසන්නයේ , ප්‍රධාන මාර්ගය අසල තිබී පුද්ගල මළ සිරුරක් සීගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි සීගිරිය පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළෙකු සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයක් ද සමග අද සීගිරිය පොලිසියට භාර වී තිබෙනවා.

මෙලෙස ඝාතනය කර තිබුණේ අනූෂ උදය කුමාර නැමති නෑබැට, අලුත්ගම ,මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියක්.

පොලිසියට භාර වූ අඹු සාමි යුවල සීගිරිය නව නගරය ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිටින අතර මීට පෙර ඔවුන් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

කාලයක් තිස්සේ සැකකාර කාන්තාව සමග මියගිය පුද්ගලයා ඇසුරක් පවත්වා තිබෙන බවත් එම ඇසුර නිසාම මැල්සිරිපුර පදිංචිව සිටි සැකකාර යුවල නිවසක් කුලියට ගෙන දරුවන් දෙදෙනාත් සමඟ සීගිරියේ පදිංචියට පැමිණ තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නමුත් මියගිය පුද්ගලයා දිගින් දිගටම තමන්ට කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවට පොලිසියට භාර වූ යුවල ප්‍රකාශ කළ බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?