spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඹු සැමි යුවල පොලිසියට භාරවෙලා

අද (30) අලුයම සීගිරිය පව්ව ආසන්නයේ , ප්‍රධාන මාර්ගය අසල තිබී පුද්ගල මළ සිරුරක් සීගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙල කපා මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි සීගිරිය පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබළෙකු සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයක් ද සමග අද සීගිරිය පොලිසියට භාර වී තිබෙනවා.

මෙලෙස ඝාතනය කර තිබුණේ අනූෂ උදය කුමාර නැමති නෑබැට, අලුත්ගම ,මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියක්.

පොලිසියට භාර වූ අඹු සාමි යුවල සීගිරිය නව නගරය ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිටින අතර මීට පෙර ඔවුන් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිට තිබෙනවා.

කාලයක් තිස්සේ සැකකාර කාන්තාව සමග මියගිය පුද්ගලයා ඇසුරක් පවත්වා තිබෙන බවත් එම ඇසුර නිසාම මැල්සිරිපුර පදිංචිව සිටි සැකකාර යුවල නිවසක් කුලියට ගෙන දරුවන් දෙදෙනාත් සමඟ සීගිරියේ පදිංචියට පැමිණ තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නමුත් මියගිය පුද්ගලයා දිගින් දිගටම තමන්ට කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවට පොලිසියට භාර වූ යුවල ප්‍රකාශ කළ බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?