අඹුසැමි යුවළක් ලක්ෂ 15කට විකුණන්න ගිය අමුතුම දෙය

යුරෝ මිලියනයක නෝට්ටුවක් රුපියල් ලක්ෂ 15කට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවාහක අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව යි වාර්තා වන්නේ.

දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේ දී මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශය භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත යි.

ඔවුන් අදාළ වංචනික ගනුදෙනුවට සූදානම්ව පැමිණි විට දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම අඹුසැමි යුවළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

යුවළ සතුව තිබී ඇති නෝට්ටුව ඔවුන්ට ලැබී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලයෙකු හරහා යි.

අදාළ පුද්ගලයා යුවළට පවසා ඇත්තේ එම නෝට්ටුව තමන්ට ලබා දුන්නේ LTTE සාමාජිකයෙකු විසින් බවට යි.

යුවළ සතු වූ යුරෝ මිලියනයේ නෝට්ටුව මුදල් ගනුදෙනු කිරීම් සඳහා භාවිත කළ නොහැකි, සමරු සිහිවටන නෝට්ටුවක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

එවන් තත්ත්වයක් මත එම යුරෝ මිලියනයේ නෝට්ටුව මෙම යුවළ විසින් වංචනික ලෙස ලක්ෂ ගණනකට හුවමාරු කිරීමේ ප්‍රයත්නයක යෙදෙන බව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට දැනගන්නට ලැබී තිබෙනවා.

ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් මෙම යුවළ සම්බන්ධ කරගෙන ඇති අතර යුරෝ මිලියනයේ නෝට්ටුව ලබාගැනීමට එම නිලධාරීන් කැමති බවට යුවළ වෙත පවසා ඇති බව සඳහන්.

එහිදී අඹුසැමි යුවළ පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 15ක් ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කරන ලෙසට යි.

යුවළ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඒ ආකාරයෙන් වංචනික ලෙස අදාළ නෝට්ටුව විකිණීමට සූදානම් වෙද්දී යි.

am

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55