විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය අමෙරිකා කණ්ඩායම සමඟ මේ වන විට වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනාගත් ඇමෙරිකානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 161ක් රැස්කර ගනු ලැබුවා.
එහිදී තරගයේ ආරම්භයේ සිටම බිඳ වැටුණු ඉන්දීය ඉනිම ගොඩගත් නායක සූර්යකුමාර් යාදව් පන්දු 49කින් ලකුණු 84ක් රැස්කර ගත්තා.
ඒ අනුව ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ සිය ලෝක කුසලාන තරගාවලි ගමන ජයග්‍රාහීව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඉලක්කය ලකුණු 162ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1



