සිරියාවට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
CNN වෙබ් අඩවිය වාර්තා කළේ පසුගිය වසරේ අසාද් පාලනය බිඳ වැටීමෙන් අනතුරුව මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති සිරියාවට ශ්‍රේෂ්ඨත්වය සඳහා අවස්ථාවක් ලබාදීමට තමන් තීරණය කළ බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසූ බවයි.
අමෙරිකාව විසින් සම්බාධක ඉවත් කරනු ලැබීම ම දෙසැම්බර් මාසයේ දී අසාද් පාලනය බිඳ දමා බලය ලබා ගත් අහමඩ් අල් ෂාරාගේ නායකත්වයට සුවිසල් ජයග්‍රහණයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අසාද් පාලනය බිඳවැටීමෙන් පසු සිරියාවේ මිලිටරි හා භෞමික දියුණුව තීව්‍ර කළ අතර එය ඊශ්‍රායල රජයට මරු පහරක් ලෙසයි දැක්විය හැකි වන්නේ.
රියාද්හි සෞදි ආයෝජන සංසදයකට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මෙන්ම තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තමා මෙම තීරණය ගත් බවයි.
සිරියාවට අමෙරිකාවෙන් වසර 53කට පසුව නිදහස හිමිවීම ද මෙහිදී වැඩි වශයෙන් කැපී පෙනෙන සිදුවීමක් වනවා.





