Empty Ad
AFC Banner
Empty Ad

අමෙරිකාවෙන් දොට්ට වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි රැකවල් මැද ගොඩබසියි (ඡායාරූප)

කණ්ඩායමක් වශයෙන් සිදු වූ අඩුපාඩු සහ වැරදි හේතුවෙන් මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගයෙන් ම ඉවත් වීමට සිදු වූ බව නායක වනිඳු හසරංග පවසනවා.

අද (19) පෙරවරුවේ අමෙරිකාවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ගුවන් යානය පැමිණි අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි වනිඳු මේ බව පැවසුවේ.

තම කණ්ඩායමේ ක්‍රීඩකයින් හට නිසි ලෙස උපරිම දක්ෂතා පෙන්වීමට නොහැකි වීම ගැන ද තමන් කනගාටු වන බව ද හෙතෙම සඳහන් කළා.

දුර්වල පිතිකරණය, පන්දු යැවීම සහ රැකීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස පරාජය වැළඳගන්නට සිදු වූ බව ද නායක වනිඳු වැඩිදුරටත් කියා සිටියා.

උදෑසන 08.40 ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ඊ.කේ.- 650 දරන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.

ක්‍රිකට් කණ්ඩායම වෙනදාට කටුනායක ගුවන් තොටුපොළ වෙත සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද, අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු යොදා තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී ” සිල්ක් රූට් ” පර්යන්තයේ පහසුකම් සඳහා එක් අයෙකුට අමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර මූලික වටයේ ක්‍රීඩා කළ තරග 04න් තුනක් ම පරාජයට පත් වූ අතර ජයග්‍රහණය කළේ නෙදර්ලන්තයට එරෙහි තරගය පමණයි.

WhatsApp Image 2024 06 19 at 11.05.38
WhatsApp Image 2024 06 19 at 11.05.36
WhatsApp Image 2024 06 19 at 11.05.35 2
WhatsApp Image 2024 06 19 at 11.05.31 1
20240619 092937 scaled
WhatsApp Image 2024 06 19 at 11.05.37 1
WhatsApp Image 2024 06 19 at 11.05.32 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
54
+1
2
+1
4
+1
4
+1
22
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?