අමෙරිකාවෙන් දොට්ට වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි රැකවල් මැද ගොඩබසියි (ඡායාරූප)

කණ්ඩායමක් වශයෙන් සිදු වූ අඩුපාඩු සහ වැරදි හේතුවෙන් මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගයෙන් ම ඉවත් වීමට සිදු වූ බව නායක වනිඳු හසරංග පවසනවා.

අද (19) පෙරවරුවේ අමෙරිකාවේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ගුවන් යානය පැමිණි අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි වනිඳු මේ බව පැවසුවේ.

තම කණ්ඩායමේ ක්‍රීඩකයින් හට නිසි ලෙස උපරිම දක්ෂතා පෙන්වීමට නොහැකි වීම ගැන ද තමන් කනගාටු වන බව ද හෙතෙම සඳහන් කළා.

දුර්වල පිතිකරණය, පන්දු යැවීම සහ රැකීම ආදී කරුණු හේතුවෙන් මෙලෙස පරාජය වැළඳගන්නට සිදු වූ බව ද නායක වනිඳු වැඩිදුරටත් කියා සිටියා.

උදෑසන 08.40 ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ඊ.කේ.- 650 දරන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.

ක්‍රිකට් කණ්ඩායම වෙනදාට කටුනායක ගුවන් තොටුපොළ වෙත සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ පිටතට පැමිණිය ද, අද ඒ වෙනුවට මුදල් ගෙවා පහසුකම් සලසා ගත යුතු ” සිල්ක් රූට් ” පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමට කටයුතු යොදා තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී ” සිල්ක් රූට් ” පර්යන්තයේ පහසුකම් සඳහා එක් අයෙකුට අමෙරිකානු ඩොලර් 50 ක මුදලක් අය කරන අතර එම මුදල් ගෙවා මෙම පහසුකම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළත්, ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර මූලික වටයේ ක්‍රීඩා කළ තරග 04න් තුනක් ම පරාජයට පත් වූ අතර ජයග්‍රහණය කළේ නෙදර්ලන්තයට එරෙහි තරගය පමණයි.

WhatsApp Image 2024 06 19 at 11.05.38
WhatsApp Image 2024 06 19 at 11.05.36
WhatsApp Image 2024 06 19 at 11.05.35 2
WhatsApp Image 2024 06 19 at 11.05.31 1
20240619 092937 scaled
WhatsApp Image 2024 06 19 at 11.05.37 1
WhatsApp Image 2024 06 19 at 11.05.32 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51