අමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනාවට එතුමා දුක් වුණා – ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු හෙලිකල කතාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රිවරුන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි සඳහන් කළේ, ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගමන් කළයුතු බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළ බවයි.

“මොන ඇමති ඉවත් කළත් මොන දේශපාලන තීන්දුව ගත්තත් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපි එතුමා එක්ක ඉන්නවා කියලා අපි සියලුදෙනාම අද අත්දෙකම උස්සලා පොරොන්දුව දුන්නා.”

“අවලස්සන අමෙරිකානුවා කියලා චෝදනා කරන විනයක් නැති විමල් සහ උදය වගේ ඇමතිවරු ගැන අපිට ලැජ්ජයි. අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා.”

“බැසිල් රාජපක්ෂ ඇමතිතුමා අපිට උපදෙස් ලබාදුන්නේ පුළුවන් තරම් ඉන්න කට්ටිය ආරක්ෂා කරගෙන යමු කියලයි.”

“අමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනාව සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙම නම් යුද්ධය කාලයේ තමයි එතුමාට ඒක කරන්න තිබුණේ.”

“ඒ නිසා ඒ චෝදනාව ගැන එතුමා දුක්මුසු තත්ත්වයක ඉන්නවා අපි දැක්කා.”

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් හා බැසිල් රාජපක්ෂ මහතා දීර්ඝ කාලයක සිට වෛරයකින් පසුවන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා,

“බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ අවලස්සන ගතියක් අපිට නම් පේන්නේ නෑ. ඒ අයට අවලස්සනට පේනවා ඇති. මං කළු වුණාට මටත් ඇමරිකානුවා කියලා කියන්න පුළුවන්.”

“ද්විත්ව පුරවැසියෝ ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සමහරුන්ට ඕන කරලා තියෙනවා කබරගොයා තලගොයා කරගන්න.”

“පහර දෙන්න ඕන වුණාම හොඳ කියන්නේ නැහැනේ.”

“කෝන්තරයක් තියෙනවා කියන එක දන්නවා. මොකක් බෙදාගන්නද කියලා අපිට තේරෙන්නේ නෑ. හැම වෙලාවෙම ඒක ඉස්මතු වෙනවා.”

“කැබිනට් මණ්ඩලයට ගියත්, රැස්වීමකට ගියත් ඉස්මතු වෙනවා. වපර ඇහෙන්මයි බලන්නේ.”

“බැසිල් ඇමතිතුමා දෙයක් ඉදිරිපත් කරපුවාම ඒක විවේචනයට ලක්කරනවා. පක්ෂය හදනකොටත් එහෙමනේ.”

“ආණ්ඩුව ගත්තාම බැසිල් ඇමතිතුමා හොඳයි.. දැන් අයෙමත් නරක් වෙලා තියෙන්නේ. කෝන්තරයක් පිරිමන්න හදන්නේ. මේක පුදුම වෛරයක්. මොකක් නිසාද කියලා හොයා ගන්න බෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
07:08
Video thumbnail
රැවුල වවාගෙන සංඝ සමුළුවට ආපු හිමිගේ භික්ෂු හැඳුනුම්පත හෙළිකරයි
05:17
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ - සජිත් මිනිස්සුන්ට කියයි
01:35
Video thumbnail
ලංකාවට ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි
02:41
Video thumbnail
ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි - බස් එක ඇතුළෙත් දර්ශන මෙන්න
03:08
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට අනතුරු අඟවයි
20:04
Video thumbnail
නීතිඥ සංගමයේ රැස්වීමට නීතිඥවරු 3000ක් ආවේ නෑ
11:33
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවි හමුව
01:46
Video thumbnail
සාක්කු පුරවගෙන පිටරට ගොවියා ශක්තිමත් කරන්න එපා - ගොවියන්ට දෙවියන්ගෙම පිහිටයි
02:54
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවියෝ - "ඇමතිලා බබාලා නෙවෙයිනේ..140ක මිලක් ඕනි "
04:32