අමෙරිකානු රාජ්‍ය ලේකම් සෝල් නුවරට පැමිණීමත් සමඟ බැලැස්ටික් මිසයිල ප්‍රහාර

උතුරු කොරියාව පියොන්යැන්ග් අගනුවර – නැගෙනහිර වෙරළේ සිට, මුහුද දෙසට කිලෝමීටර 300 ක දුරකට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් දකුණු කොරියාවේ සෝල් නුවර වෙත පැමිණීමත් සමඟ එම මිසයිල ප්‍රහාර දියත් කර ඇති බවයි.

කෙසේවෙතත් දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාව දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි.

පසුගිය දිනවල ඇමරිකානු – දකුණු කොරියානු යුද අභ්‍යාසයක් පැවති අතර, ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම මිසයිල එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?