අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ප්‍රකාශයෙන් චීනය, අමෙරිකාව සමඟ යළිත් විරසක වෙයි ?

චීනයේ බීජිං නුවර ටියනන්මෙන් චතුරශ්‍රයේ (Tiananmen Square) සිදු වූ ඓතිහාසික මිලිටරි මර්දනය සිහිපත් කරමින්, චීන රජය පනවා ඇති දැඩි වාරණ මඟින් එම ලේවැකි අතීතය කිසිසේත් මකා දැමිය නොහැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරණය කරනවා.

1989 ජූනි 4 වනදා සිදු වූ මෙම ඛේදවාචකයට වසර 37ක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

“කුමන මට්ටමක වාරණ ක්‍රියාවලියකටවත් අතීතය සැඟවිය නොහැක. එදා නිදහස් ප්‍රකාශනය සහ සාමකාමීව රැස්වීමේ අයිතිය වෙනුවෙන් දිවි පිදූවන්ගේ කැපවීම අනාගතයේදී අනිවාර්යයෙන්ම සාධාරණීකරණය වනු ඇත” යැයි රුබියෝ ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණයට එරෙහිව හඬ නැඟූ එම සාමකාමී උද්ඝෝෂකයන්ගේ මතකය තවදුරටත් ගරු කරන බවද ඔහු පෙන්වා දෙනවා.

මිනිස් අයිතිවාසිකම් සංවිධාන පෙන්වා දෙන පරිදි, එදා චීන හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ නිරායුධ සිසුන් ඇතුළු දහස් ගණනක් මියගියා.

චීනය තුළ මෙම සිදුවීම පිළිබඳ කතා කිරීම තවමත් තහනම් කර ඇති අතර, අන්තර්ජාලය තුළද ඒ සම්බන්ධයෙන් දැඩි වාරණ පනවා තිබෙනවා.

කෙසේ වෙතත්, රුබියෝගේ මෙම ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඇමෙරිකාව ඓතිහාසික කරුණු විකෘති කරමින්, චීනයේ දේශපාලන ක්‍රමයට මඩ ගැසීමට සහ ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරන බවයි.

මෙම ප්‍රකාශය හේතුවෙන් ඇමෙරිකා-චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ නැවතත් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53