spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකානු ජනාධිපති වෙන්න ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් අතර යලි සටනක්

නොවැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 81 හැවිරිදි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර 77 හැවිරිදි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනපතිවරණ සටනට එක්වනු ඇති.

බයිඩන් සහ ට්‍රම්ප් ජනපතිවරණ සටන සදහා එක්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා බව ප්‍රකාශයට පත් කෙරුණේ ඊට එක්වන්නේ කවුරුන්දැයි යන්න තෝරා ගැනීම සඳහා පැවති ප්‍රාථමික ඡන්ද විමසීම් ජයගනිමින්.

රිපබ්ලිකන් අපේක්ෂකයෙකු තම ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා ප්‍රාථමික ඡන්ද විමසීමේදී අවම වශයෙන් තම පක්ෂයේ නියෝජිත ඡන්ද 1 215ක් ලබාගත යුතු අතරල ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු ඡන්ද 1 968ක් ලබා ගත යුතු වනවා.

ඔවුන් දෙදෙනාම එම කඩඉම පසු කිරීමත් සමග 2020 ජනාධිපතිවරණ සටන ප්‍රතිනිර්මාණය වීම සහතික කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?