අමිත් වීරසිංහට එරෙහිව වාරණ නියෝගයක්

නව අභිනව නිදහස් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කිරීම වළක්වමින් අමිත් වීරසිංහට එරෙහිව කැස්බෑව දිසා අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

නව අභිනව නිදහස් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ කැස්බෑව දිසා අධිකරණය, පැමිණිලිකරු ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කළා.

ලබන මාර්තු 01 වන දින පක්ෂයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා 2026 පෙබරවාරි 12 වන දින පවත්වන ලදැයි කියනු ලබන විධායක සභා රැස්වීමක නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මෙම නඩුව පවරා තිබුණා.

අදාළ රැස්වීම පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව කැඳවා නොමැති බවත්, එහිදී සම්මත වූ කිසිදු යෝජනාවක් ව්‍යවස්ථානුකූල නොවන අතර ඒවා ශුන්‍ය සහ බල රහිත වන බව පැමිණිලිකරු තර්ක කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, ඉල්ලා සිටි වාරණ නියෝග ලබා දීමට තීරණය කළා.

ඒ අනුව, 2026 මාර්තු 01 වන දින පැවැත්වීමට නියමිත රැස්වීම වැළැක්වීම, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව විධායක සභාවක් පැවැත්වීමෙන් වත්මන් පක්ෂ නායකයා සහ ලේකම්වරයා වැළැක්වීම සහ අමිත් වීරසිංහ පක්ෂ නායකයා ලෙස පෙනී සිටිමින් මහජනයා නොමඟ යැවීම වැළැක්වීමේ වාරණ නියෝග නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?