අම්බලන්ගොඩ, වතුගෙදර ප්‍රදේශයේ දී අද (09) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පුද්ගලයා අධිකරණයට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් ඝාතනය සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





