අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය ගැන සොයන්න විමර්ශන කණ්ඩායම් හතරක්

වැලිගම ප්‍රදේශයේ භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළ මෙම භෞතචිකිත්සකවරියගේ මළ සිරුර සොයා ගනු ලැබුවා.

අපරාධයට සම්බන්ධ බව කියන සැකකරු දූෂණ හා වංචා නඩු 20 කට වැඩි ගණනක චෝදනා ලැබූ සැකකරුවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනඅතර, ඉන් කිහිපයක් දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සැකකරු කුරුණෑගල නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔහු කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවත්, මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිත කළ බවටත් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

ඔහු දැනට සැඟවී සිටින දරුවන් තිදෙනෙකුගේ මවක් සමඟ ද සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට ද වාර්තා වනවා.

මළ සිරුර සොයාගත් මෝටර් රථය සැකකරු සමඟ සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාවකට අයත් බව පොලිසිය පවනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මියගිය කාන්තාවගේ දේහය ඇගේ පවුලේ අයට භාර දුන් අතර, එමඟින් මරණයට හේතුව පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙනු ලැබුවා.

මියගිය කාන්තාව අම්පාර රෝහලේ සේවය කළ වැලිගම පදිංචි 33 හැවිරිදි භෞතචිකිත්සකවරියක් වන අතර, ඇය ජුනි 03 වන දින සිට 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිටි බවයි හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17