Empty Ad
AFC Banner
Empty Ad

අභිරහස් ලෙස පාසල් දරුවෙක් මියයයි

දහතුන් හැවිරිදි පිරිමි දරුවකු අබිරහස් අයුරින් ගෙල සිරවී මියගොස් ඇති බව ගෝනපීනුවල පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ එම පාසලේ නේවාසිකව සිටි අනුෂ්ක පසිඳු නමැති දරුවා බව ද පොලිසිය කියයි.

සිය නේවාසික කාමරය තුළ මේ දරුවාගේ සිරුර 31 රාත්‍රියේ දී ලණුවකින් ගෙල සිර වී එලෙමින් තිබිය දී එහි පාලකයන් දරුවා එයින් මුදාගන්නා විට ඔහු ඉතා අසාධ්‍ය තත්වයේ පසුවී ඇති බවත් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවා කරාපිටිය රෝහලේ දී පසුදා මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි.

මෙය දරුවා සිය දිවි හානිකර ගැනීමට ගෙල වැලලා ගත්තා ද නොඑසේනම් වෙනත් සිදුවීමක් ද යන්න සෙවීමට මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව ද පොලීසිය කියයි.

සුළු අපරාධයන් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දරුවන් මේ සහතික පාසලෙන් පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව පැවසූ පොලීසිය මේ දරුවා සිය දිවි හානිකර ගැනීමට ගෙල වැළලා ගත්තේ නම් එයට හේතුව සෙවීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ද පොලීසිය කියයි.

ගෝනපීනුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.කේ.ඒ.ජේ. අමරවංශ මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?