පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී වයස අවුරුදු විසිහයක කාන්තා මළ සිරුරක් හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසනවා.
මෙම නිවසේ මියගිය කාන්තාව හා ඇයගේ මව සමඟ සිට ඇති අතර මේ මොහොතේ එම කාන්තාවගේ මව නිවසේ නොමැති බවයි වාර්තා වන්නේ.
මෙය සියදිවී හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
1
+1













