අභියාචනාධිකරණයෙන් පොලිස්පතිට නොතීසි

පසුගිය වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම තුළින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේ දී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින්ම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනු ලැබුවා.

අරගල ක්‍රියාකාරිකයෙකු වන ජනත්.එස්. විතාරණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් වසරේ මැයි මස නව වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත් වූ බවයි.

මෙම සිද්ධීන් පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටිනවා.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේ දී පොලිස්පතිවරයා ඇතුළු මෙම සිද්ධියට වගකිවයුතු සියලු පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් වන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයා ඇතුළු ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුර ඉල්ලා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07