අභිමානවත් 77 වන ජාතික නිදහස් දිනය අදයි

77 වන ජාතික නිදහස් දිනය අදට යේ දී තිබෙනවා.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන්න මෙවර ජාතික නිදහස් දිනයේ තේමාවයි.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙවර නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත්ව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීම රජය අරමුණ වී තිබෙනවා.

ඒ, අනුව මෙවර නිදහස් දින සැමරුම් උළෙල වෙනුවෙන් දරණ පිරිවැය රුපියල් මිලියන 80ක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වැඩි ජනතා සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

මෙවර නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා ත්‍රිවිධ හමුදා සෙබළුන් සංඛ්‍යාව 40%කින් අඩුකර ඇති අතර, පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබෙනවා.

මේ අතර නිදහස් දින සමරුන් උළෙල පැවැත්වෙන අද (04) දිනෞඑ දී කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දහසකට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03