අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

දැඩි අසනීප තත්ත්වයෙන් කලක සිට පෙලුණු ඒ මහතා ගාල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 වැනි වියෙහි පසුවුණා.

වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට නියමිත යි.

ඒ අනුව අවසන් කටයුතු අද පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙරට ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගමියෙක් ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ප්‍රකට අතර කලක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වු වික්ටර් අයිවන් “පොඩි අතුල” නමින් පක්ෂ ක්‍රියාකාරීන් විසින් හඳුන්වනු ලැබුවා.

ප්‍රබල දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වූ සරත් එන්. සිල්වා පිළිබඳ ඔහු ‘රාවය’ පුවත්පතේ සිදුකළ වාර්තාකරණය අදටත් ජනප්‍රියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?