අභ්‍යවකාශයේ දින 286ක් රැඳී සිටි සුනීතා වෙත මෝදිගෙන් ලිපියක්

ඉන්දීය සම්භවයක් සහිත අභ්‍යවකාශ ගගනගාමී සුනීතා විලියම්ස් හට නරේන්ද්‍ර මෝදි අග්‍රමාත්‍යවරයා විසින් සුබ පැතුම් ඇතුළත් ලිපියක් යොමු කර තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ; මෝදි සිය ලිපිය සුනීතා විලියම්ස් හට යොමු කරමින් සඳහන් කර ඇත්තේ; ”ඔබ අපේ හදවත්වලට සමීපයි” යනුවෙන් බවයි.

මාස 09කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි සුනීතා ඇතුළු සිය සගයා ඊයේ අලුයම 03.30 පමණ වන විට පෘථිවියට පැමිණියා.

මෝදි යොමු කළ ලිපිය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං විසින් X හි තබා තිබෙනවා.

ඒ මෙසේයි;

“ඔබ සහ ඔබගේ කාර්යය ගැන අපි කොතරම් ආඩම්බර වෙනවාද කියා අපි සාකච්ඡා කළා. මෙම ක්‍රියාවෙන් පසුව, ඔබ වෙනුවෙන් සටහනක් නොතබා සිටින්නට බැහැ. බිලියන 1.4 ක ඉන්දියානුවන් සැමවිටම ඔබගේ ජයග්‍රහණ ගැන මහත් ආඩම්බරයකින් සිටිනවා. මෑත කාලීන වර්ධනයන් ඔබගේ විශිෂ්ට වූ ධෛර්යය සහ නොපසුබට උත්සාහය පෙන්නුම් කර තිබෙනවා..” යනුවෙන් එහි සඳහන්.

විලියම්ස් මහත්මිය සහ ඇගේ සගයා වන බුච් විල්මෝර් පැය 17 අභ්‍යවකාශ ගමනකින් අනතුරුව යළිත් මෙලෙස නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියා.

මෙම මාසයේ දිල්ලි නුවර දී නාසා හි හිටපු ගගනගාමි මයික් මැසිමිනෝ සමඟ පැවති රැස්වීමක දී සුනීතා විලියම්ස්ගේ නම ඔවුන්ගේ සංවාදයේ දී මතු වූ බව අගමැති මෝදි සිහිපත් කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි යොමු කළ ලිපිය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?