අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් වගා ළිඳකින් හමුවෙයි (ඡායාරූප)

ඉපලෝගම ඉඳිගහවැව ප්‍රදේශයේ ගෙවත්තක ඇති වගා ළිඳකින් අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

පුද්ගලයෙකු අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් ඊයේ (01) ඉපලෝගම පොලිස් ස්ථානයට ඔහුගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකදී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි අදාළ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ තිරප්පනය කුඩාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්.

ඔහු දඹුල්ල බස් නැවතුම්පලේ වේලා සටහන්කරුවකු ලෙස රැකියාව කළ අයෙක්.

මිය ගිය පුද්ගලයා පෙරදින රාත්‍රියේ ඉඳිගහවැව ප්‍රදේශයේ පැවැති නාට්‍ය සංදර්ශණ මාලාවක් නැරඹීම සදහා කුඩාවැව ප්‍රදේශයේ පිහිටි නිවසින් පිටත්ව ගොස් තිබෙනවා.

ඉඳිගහවැව ක්‍රීඩා පිටියක පැවති නාට්‍ය සංදර්ශණය නැරඹීමට පැමිණ ඇති ඔහු එදින මධ්‍යම රාත්‍රී වන තෙක් එම ස්ථානයේ රැඳී සිට ඇති බවයි සිදු කළ පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.

ඔහු පසුදින (01) සවස් වන තෙක් යළි නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුවයි ඉපලෝගම පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබුණේ.

එහිදී ප්‍රදේශවාසින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව නාට්‍ය සංදර්ශණ මාලාව පැවැති ක්‍රීඩාංගනය අසල නිවසක තිබූ වගා ළිඳක තිබියදී මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කරනු ලැබුවා.

මෙම මරණය ඝාතනයක් ද, සියදිවි නසා ගැනීමක් එසේ නැතහොත් අනතුරකින් සිදුවූවක් ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් කියන්නේ උඹලට සල්ලි, ආතල් වෙන්න ඇති අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්..සභාපති මාරු කළොත් ඕක හරියයි
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48


?