‘අබා’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවයි – පියවර නොගතහොත් කෙලින්ම නඩු මඟට

70, 80 සහ 90 දශකය තුළ ශ්‍රී ලංකාව ද ඇතුළුව සමස්ත ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් ස්වීඩන් ජාතික සංගීත කණ්ඩායමක් වන “අබා” සංගීත කණ්ඩායම එළඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනපතිවරණ සටනට රිපබ්ලිකන් පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ, එම කණ්ඩායම සතු ලොවපුරා අතිශයින් ජනප්‍රිය වූ ගීත කිහිපයක්ම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැළි කිහිපයක් සඳහා අවස්ථා කිහිපයකදීම “අබා” කණ්ඩායමේ හෝ ඔවුන්ගේ ගී තැටි නිෂ්පාදන සමාගමේ කිසිඳු අනුමැතියකින් හෝ අවසරයකින් තොරව භාවිත කිරීමට එරෙහිවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ “අබා” සංගීත ශිල්පීන් අනවසරයෙන් තමන්ගේ ගීත මෙසේ භාවිත කිරීම වහා අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළි සංවිධායකයින් ක්ෂණික පියවර නොගතහොත් තමන් සාක්ෂිත් සහිතව නඩු මඟට බසින බව අවධාරණය කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ ප්‍රාන්ත රැළි කිහිපයකදීම “අබා” සතු ගීත ප්‍රචාරය කර තිබෙන බව ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැළි සංවිධයකයින් ද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද සෙලීන් ඩියෝන් ඇතුළු තවත් ජනප්‍රිය සංගීත ශිල්පීන් රැසකගේ ජනප්‍රිය ගීත කිසිදු අවසරයකින් තොරව ට්‍රම්ප්ගේ රැළිවල දී භාවිත කර ඇති බව සඳහන්.

ඔවුන් ද ඒ සඳහා තහනම් නියෝග ට්‍රම්ප්ට එරෙහිව නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?