අපොස සාමාන්‍යා පෙළ විභාගය ලියමින් සිටියදි ඇතිවු ගින්නක් නිසා සිසු දරුවන් දැඩි අසීරුතාවයට

ලුණුගල රාමක්‍රිෂ්ණා මහ විද්‍යාලයේ පංති කාමරයක දරුවන් අපොස සාමාන්‍යාපළ විභාගය ලියමින් සිටියදි (05) දින දවල් ඇතිවු හදිසි ගින්නක් නිසා සිසු දරුවන් දැඩි අසීරුතාවයට පත්වු බව වාර්තා වනවා.

පාසලේ දෙමහල් ගොඩ නැගිල්ලකට සුර්ය්‍ය කෝෂ උපයෝගි කරගනිමින් ලබාගෙන තිබු විදුලි පරිපථ පද්ධතිය හදිසියේ ගිනි ගැනීමට ලක්වීම නිසා අසල තිබුන පංති කාමරය සම්පුර්ණයෙන්ම දුමාරයෙන් පිරීයෑමෙන් සිසු දරුවන් දැඩි අසීරුතාවයට පත්ව සිටියදි ලුණුගල ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් පැමිණ ගින්න නිවා දමා දරුවන්ට විභාගය ලිවීමට අවශ්‍ය කටයුතු සලසා දී තිබේ

මේ සම්බන්දයෙන් පස්සර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ෂරීනා බෙගන් මහත්මියගෙන් විමසුවිට කියා සිටියේ, ළමුන් විස්සක් විභාගය ලියමින් සිටි පංති කාමරයක් පිටුපස තිබු විදුලි පරිපථයක ඇති වු හදිසි ගින්න නිවා දමා දරුවන්ට අසාධාරණයක් නොවන අයුරින් විභාගය පවත්වාගෙන යෑමට කටයුතු කළ බවයි,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?