අපේ විදුලිය කපනවා නම් කාල්ටන් එකෙත් කපන්න ඕන – මිහින්තලේ රාජමහා විහාරාධිපති හිමි

නිල නිවාසවල සිටින මැතිඇමතිවරුන්ගේ විදුලි බිල්, කාල්ටන් නිවසේ පැවති නාමල් රාජපක්ෂගේ විවාහයට ගත් විදුලිය සඳහා වන බිල් නොගෙවන්නේ මන්ද? යනුවෙන් ගැටලුවක් පවතින අතර කාල්ටන් නිවසේ සිටින පුද්ගලයන් ද ලංකාවේ පුරවැසියන් බැවින් ඔවුන්ට ද එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බව මිහින්තලේ රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

මේ රට කිසිදු පාර්ශ්වයකට හෝ රජකුට හෝ රාජාණ්ඩුවකට සින්නක්කරව හෝ ලියා දී නොමැති අතර ශ්‍රී ලංකාවේ සියලු දෙනාට ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමසේ ඇති බැවින් එක් පාර්ශ්වයකට පමණක් පක්ෂපාතීව කටයුතු කළ නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මිහින්තලේ රාජමහා විහාරාධිපති හිමියන් මේ බව කියා සිටියේ අද (05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මිහින්තලා පුදබිමේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී යි.

සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල රුපියල් 5000ට වැඩි වූයේ නම් එය විසන්ධි කළත් මැති ඇමතිවරුන්ගේ විදුලි බිල රුපියල් ලක්ෂ ගණනින් වැඩි වන විට එය කිසිදින විසන්ධි නොකරන බවත් අඛණ්ඩව විදුලිය සපයනවා කියන රජය උසස් පෙළ සමයේ විදුලිය පවා කැපූ බවත් විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළා.

එසේ ම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සැදැහැති දායකයකු ලෙස සහ ලාංකිකයකු ලෙසට විපක්ෂ නායකවරයා මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවීමට මැදිහත් වීම සමස්ත ලාංකිකයන්ටත් බෞද්ධයන්ටත් සිදු කළ අමිල මෙහෙවරක් බවත් ඒ සඳහා පිං අයිති වන බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආගමික නිදහස, බෞද්ධාගමට මුල් තැන දීම ආදී දේවල් පැවතියත් එය රට තුළ ක්‍රියාත්මක නොවන බවත් විදුලි කැපූ දිනයේ මිහින්තලාවට පැමිණි විදේශ සංචාරකයන් මෙරට ආණ්ඩුවේ සැබෑ තත්ත්වය දැන ගත් බවත් පැවසූ උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවට සඳහන්ව තිබීමෙන් අන්‍යාගමික නායකයන්ගේ සහ මිතුරන්ගේ සිත් රිදවීමක් සිදු කර ඇති බවත් මේ සියලු දේ බලය වෙනුවෙන් වන ඇස් බැන්දුම් රැවටීම් පමණක් බවයි.

පාලකයන් 2048 වසරේ දී අප රට සිංගප්පූරුවක් කිරීමට සූදානම් යැයි පැවසුවත් එය මුලාවක් බවත් සිංගප්පූරුවක් නොව පසුගිය කාලයේ පැවැති නිදහස් නිවහල් තත්ත්වයට රට නැවත ගෙන එන ලෙසත් මේ තත්ත්වයට රට පත්කළ සමහර පාලකයන් වසර 70ක පමණ සිට පාර්ලිමේන්තුවේ සිටියත් ඔවුන් රට වෙනුවෙන් කිසිවක් නොකළ බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

තමා සමග රජයට පෞද්ගලික කෝන්තරයක් ඇත්නම් එය තමා සමග විසඳා ගන්නා ලෙසත් රටේ ජනතාවගේ පිටින් ඒවා පිට නොකරන ලෙසත් අමානුෂික ලෙස රට පාලනය කරන මොවුන්ගේ සිත් තුළ මිනිසුන් වෙනුවෙන් කිසිදු හැඟීමක් නොමැති බවත් ද උන්වහන්සේ සඳහන් කළා.

මෙහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ සිද්ධස්ථාන මූලික කර ගෙන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්‍රමවේදයක් ඇති කළ යුතු අතර ඒ සඳහා මිහින්තලා පුදබිම ඉලක්ක කර ගෙන ආරම්භ කරන බවත් ඒ සඳහා තමා ඇතුළු විපක්ෂය සූදානම් බවත් මැති ඇමතිකම් තිබුණ අයට වඩා මැති ඇමතිකම් නොමැතිව තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස පසුගිය වසර කිහිපයේ රට වෙනුවෙන් සිදු කළ වැඩසටහන් විශාල බවයි.

එසේම මෙවැනි වැඩසටහන් සඳහා උදව් කිරීමට ඕනෑ තරම් පිරිසක් සිටින මුත් ඔවුන් අල්ලස දූෂණයට විරුද්ධ බවත් එබැවින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුත්තේ විනිවිධභාවයකින් යුක්තව බව ද ඔහු ප්‍රකාශ කරනවා.

මහජන නියෝජිතයකුගෙන් සිදුවිය යුතු කාර්යභාරයෙන් සුළු කොටසක් ඉටු කරමින් මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවා දැමූ බව ද විපක්ෂ නායකවරයා කියා සිටියා.

මිහින්තලා පුදබිමේ විදුලිය කපා දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සිදු කර ඇත්තේ කුමන පාර්ශ්වයක් ද කියා සොයා බැලිය යුතු බවත් පූජනීය සිද්ධස්ථානයක විදුලිය විසන්ධි කරන්නත් පෞද්ගලික නිවසක සාදයක් සඳහා වැය වූ විදුලි බිල නොගෙවුවත් එය විසන්ධි නොකළ බවත් මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුමත කළ නොහැකි හෙයින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34